Life
දැරියන් නිතර ලෙඩවීමට බලපාන හේතු
නිතර දරුවන් ලෙඩවන බව පවසමින් එන බොහෝ දෙමාපියන්ගෙන් දරුවන්ගේ එදිනෙදා දින
චර්යාව සහ දරුවන්ට ලබාදෙන ආහාර පාන ගැන විමසූ විට ඔවුන් බොහෝ දෙන පිළිතුරු
දෙන්නේ අනේ ඩොක්ටර් එහෙම විශේෂයක් නැහැ තියෙන දෙයක් කන්න දෙනවා. එහෙමත්
නැත්නම් එයාලා කන්න ආසා දෙයක් හදල දෙනවා කියාය.
දරුවන් නිතර නිතර
ලෙඩ වෙන බවත් ඔවුන්ගේ වර්ධනයේ යම් යම් අඩුපාඩු තිබෙන බවත් බොහෝ දෙමව්පියෝ
පවසති. මෙලෙස දරුවන් නිතර ලෙඩවන්නටත් වර්ධනය බාලවන්නටත් බලා ඇති හේතු
මොනවාද කියා අපි අවධානය යොමු කරමු.
වෛද්‍යතුමනි නාඩි විද්‍යාවට අනුව දරුවන්ගේ වර්ධනය පිළිබඳව අවධානය යොමුකරන්නේ කෙසේද?
මෙළොව
උපදින සියලුම සත්ත්වයින් පිළිබඳව මහා සෘෂි නාඩි වෛද්‍යවරුන් උපතේ සිට
මියයන මොහොත දක්වා අවධීන් තුනකට බෙදා වෙන්කොට තිබෙනව. ළමාවිය, තුරුණුවිය
සහ මැදිවිය ලෙසින් එම අවධි තුන නම්කර තිබෙනවා. එසේම එම අවධීන් තුන ස්ත්‍රී
සහ පුරුෂ ලෙසින්ද වෙන්කොට තිබෙනවා.
මෙම වෙන් කිරීමට අනුව මුලින්ම ළමාවියේ දැරියන්ගේ වර්ධනය පිළිබඳව පැහැදිලි කරන්නම්.
ගැහැනු දරුවකු මෙළොවට බිහිවූ දා සිට වැඩිවියට පත්වන වයස අවුරුදු 15 - 16 දක්වා වූ කාලය ළමාවිය ලෙස හඳුන්වනවා.
ගැහැනු
දරුවකුගේ දාරක නාඩිය, වර්ධන නාඩිය, පෝෂණ නාඩිය, ක්‍රියකාරී නාඩිය, හෝමෝන
වර්ධක නාඩිය සහ කාම නාඩිය යන නාඩි වයස අවුරුදු 03 දී සිට ක්‍රම ක්‍රමයෙන්
වර්ධනය වන්නට පටන්ගන්නවා.
මෙම නාඩි වර්ධනයවීමේ උච්චතම කාලය වන්නේ වයස අවුරුදු 10 - 16 ත් අතර කාලයයි.
එනිසා
සෑම දෙමාපියකුම ප්‍රාර්ථනා කරන තම දියණියගේ නිරෝගී වර්ධනය, පැහැපත් බව
සඳහා නිසි පෝෂ්‍ය ආහාර පාන ගැනීම එදිනෙදා ජීවන චර්යාවන් නිවැරදිව පවත්වාගෙන
යැම සිදුකළ යුතුයි.
විශේෂයෙන්ම ගැහැනු දරුවකුගේ ශරීරයේ හෝමෝන වර්ග
කිහිපයක් ක්‍රියාකාරී වෙනව. ඒවා නිසි ලෙස ක්‍රියාකාරීව පවත්වාගෙන යැමට
පියවර ගත යුතුයි. එවිට ගැහැනු දරුවකුට උරුම සිරුරේ බාහිර ලක්ෂණ වර්ධනය
සිරුර ඇතුළත ඉන්ද්‍රියන්ගේ වර්ධනය නිසි ලෙසින් පවත්වාගත හැකියි. එහිදී
ඔවුන්ගේ ප්‍රජනන පද්ධතිය හොඳින් ක්‍රියාත්මක කරගත හැකියි.
වෛද්‍යතුමනි ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද?
ඒ
සඳහා උදෑසන අවදිවූ විට පිරිසිදු ඇල්වතුර කෝප්ප දෙකක් පමණ පානය කිරීම,
උදෑසන ආහාරයට පෙර පිරිසිදු එළකිරි වීදුරුවක් හෝ කොළ කැඳ වීදුරුවක් පානය
කළ හැකියි.
ගැහැනු දරුවන්ගේ දවසේ ආහාර වේලට ධාන්‍ය වර්ග, එළවළු,
පලාවර්ග යහමින් එකතු කිරීමට දෙමාපියන් අවධානය යොමු කළ යුතුයි. එය ගැහැනු
දරුවන්ගේ ලිංගික ඉන්ද්‍රියන්ගේ වර්ධනයට සහ ඒවායේ නිවැරදි ක්‍රියාකාරිත්වයට
බලපානවා.
දිනපතා උදේ සවස දත් මැදීම, දහවල් 1.00ට පෙර පිරිසිදු ඇල්
ජලය ස්නානය කිරීම, දෑත් දෙපා නියපොතු පිරිසිදු කර ගැනීම සඳහා ගැහැනු
දරුවන් හුරු කළ යුතුයි.
නිතර දරුවන් ලෙඩවන බව පවසමින් එන බොහෝ
දෙමාපියන්ගෙන් දරුවන්ගේ එදිනෙදා දින චර්යාව සහ දරුවන්ට ලබාදෙන ආහාර පාන ගැන
විමසූ විට ඔවුන් බොහෝ දෙන පිළිතුරු දෙන්නේ අනේ ඩොක්ටර් එහෙම විශේෂයක්
නැහැ තියෙන දෙයක් කන්න දෙනවා. එහෙමත් නැත්නම් එයාලා කන්න ආසා දෙයක් හදල
දෙනවා කියාය.
බොහෝ දෙමාපියන් ගැහැනු දරුවන්ගේ ශරීර පවිත්‍රතාවය ගැන
වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැත. මෙය ඉතාමත් වැරදියි. විශේෂයෙන්ම ගැහැනු
දරුවකුගේ සිරුරේ පවිත්‍රතාවය ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
පැය 08 කට වරක්වත් මුහුණ කට සෝදා පිරිසිදු ඇඳුම් පැළඳුම් ඇඳීමට හුරු පුරුදු කළ යුතුයි.
සතියකට
දෙවරක්වත් දවසේ ආහාර වේලකට ගොරකා, සියඹලා, සූදුරු, මහදුරු දමා සාදාගත්
හොද්දක් එක් කිරීම මගින් ගැහැනු දරුවන්ගේ ආහාර මාර්ගය පිරිසිදු කළ
හැකියි. එය ඔවුන්ගේ වර්ධනයටත් ලෙඩ රෝග ආදියට මුහුණදීම සඳහා ශරීර ශක්තිය
ඇති කිරීමටත් හේතු වෙනවා.
මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට දුරකථන අංක 0776500677 ඇමැතිය හැකිය.
Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks